Low of Attraction (ආකර්ශන නීතිය)
ආයූබෝවන්!
කියල ආදරයෙන් ඔයාව පිලිගන්නව infinite Abundance තුලට, අද මං ඔයාලට කියන්න යන්නෙ මිනිස්සුන්ට ඇති සුපිරි බලයක් ගැනයි. සමහරවිට ඔයාටත් මේ වෙද්දී ඔයා තුලත් අසීමිත බලයක් / විභවයක් පවතිනවා විය හැකිය. ඒනිස ඔයාගෙ සහජ නුවණ ඔබව මෙය කියවන්නට සැලැස්වුවා විය හැකිය. විශ්වයෙහි අහඹු සිදුවීම් නෑ හැමදේම එම අවස්ථාවේ සිදු විය යුතු දෙයක් බව සිහි තබා ගන්න.
මෙ කියන සුපිරි බලය ඇත්තටම ඕනම කෙනෙක්ට තියනව හැබැයි ඒ බලය එහි ඇති විභවතාවය අනුව ශක්තිය අඩු වැඩි වෙන්න පුලුවන්, ශක්තිය අඩු කෙනෙක්ට තමන් කරන කියන දෙය ගැන විශ්වාසයක් නැති බව හැඟෙන්නට පුලුවන. අනාගතය ගැන අවිනිශ්චිතව සිටිනවා විය හැකිය. ඔබ පිලිබඳව අසීමිතව සොයන අයෙකු විය හැකිය.(මම කව්ද? / මම මොනාද කරන්න ඕනෙ? / මම ඉපදුන අරමුණ මොකක්ද?)
බය වෙන්න ඕන නෑ ඇත්තටම, ඔයාට එහෙම හඬක් ඔයාගෙ ඔලුව ඇතුලෙන් ඇහෙනවනම්, ඒ ඔයාගෙ ජිවිතයට අරමුණක් (Life Purpose) තියනවා කියන එකයි. හැමොටම එකිනෙකාට වෙන් වෙන් වු මෙහෙයුමක් ඇති බවයි. මෙ කාලයෙ මිනිසුන්ගෙ ආද්‍යායාත්මය අවධි වන අතර ඔවුනොවුන්ට වෙන්වු මානසික බලයන් ලැබෙනව. ඔවුන් ත්‍යාගලාභී පුද්ගලයන් වන අතර ඔවුන්ට පැවරුනු කාර්යය කිරීම ඔවුන්ගෙ වගකීම වන අතර ඔවුන් ඒ වෙනුවෙන් සටන් කල කල යුතුවනවා. (ඉදිරියේදි ඔවුන් සහ ඔවුන්ට ලැබි ඇති කාර්යයන් පිලිබඳ ලිපියක් ඇත) ආද්‍යායාත්මිකව පරිණාමය වන යුග චක්‍ර -https://youtu.be/0icNaQGdLRQ
Law of Attraction ආකර්ශණ නීතිය කියන්නෙ ඇත්තටම මානසික බලයක් මේ තුලින් අපට අවශ්‍ය ඕනම දෙයක් ලඟා කරගත හැකිවිම නිසා වර්තමානයෙ ඉතාම කතාබහට ලක්වන මාතෘකාවක් වෙලා තියනව. ඔයා youtube එකේ Facebook වල මෙ ආශ්‍රිතව අහල දැකල ඇති. Google Search කලොත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පුර්ණ විස්තර ලබාගත හැකිය.
ඔබට අවශ්‍ය ආදරය / මුදල් / හැකියාවක් / රැකියාවක් මේ කුමක් වුවත් සිතුවිලි හා හැඟිම් විශ්වාස කිරීම නියමාකාරයෙන් අනුගමනය කිරිිමෙන් ජීවිතය රසවිඳින මිනිසුන් බොහෝමයක්ගෙ අත්දැකීම් තුලින් ඔබේ ජීවිතය අසීමිත බහුලත්වයෙන් ගත කරන ආකාරය අපේ් BLOG පිටු පරිශීලනය කරන ඔබට විශ්වාසයෙන් තිළිණ කරමු.
එකටම, ඔයා ජීවත් වන විශ්වය පිළිගත යුතුය. හැමොම Law of Attraction ගැන කියල දුන්නට පිළිගැනීම හා ස්තුතිවන්ත (acceptance, Thanksgiving) වීම නැතිනම් ආකර්ශනය වීම කිසිසේත්ම සිදුවන්නේ නැත. එය ගොඩදෙනෙකු නොදන්නා එහෙත් අත්‍යවශ්‍යම හැඟීම් දෙපලකි.
මම මුලින්ම කියන්නම් විශ්වය විසින් අපිට අවශ්‍ය , අපි සතුටු වන දේ අපට ලබා දෙන්නෙ කොහොමද කියල සරලවම. ඇත්තටම විශ්වය කියන්නෙ අපි ජීවත් වන භාහිර ලෝකයට , ඇසට පෙනෙන නොපෙනෙන සියල්ලම සහ ඔබත් මමත් ඇතුලුව ඝන ආකාරයෙ පවතින සියල්ලමත් පොදුවේ ශක්තියක් බවට හඳුනාගමු. එනම් ඔබේ සිතුවිලි වල ශක්තිය විසින් විශ්වයේ පවතින ඊට අදාල ශක්තිය ඔබ තුලට ආකර්ශනය කර ගන්නව. මොනාද ඔයාට හිතෙන්නෙ, ඇත්තටම එහෙම පුලුවන් නම් පට්ටනෙ වගේද, පට්ට තමයි. හැබැයි ඉතිං ප්‍රශ්න ගැන හිත හිත කනස්සල්ලෙන් ඉන්න අයට නම් සොරිම තමයි. (විශ්ව ශක්තිය ගැන ලිපියක් ඉදිරියෙහි ඇත) ප්‍රතිඵල අත්විඳපු කෙනෙක් හැටියට මගේ අත්දැකීම් තුලින් ඔයාගෙ ජීවිතේ සතුට Law Of Attraction නීතිය තුලින් ලඟා කරගන්නවා දැකීම තරම් මානසික සතුටක් Lightworker කෙනෙක්ට තවත් නෑ. අපි ඊළඟ පරම්පරාවයි ,මේ ස්වර්ණමය යුගයක් කරා යන ගමනක්...🦋
හරි එහෙනම් වැඩි කතා නැතුව ,
අපි දැන් බලමු කොහොමද විශ්වයට පණිවුඩයක් යවන්නෙ කියල , එ්කටම ඔයාට අවශ්‍ය දේ කොලයක් අරන් ලියන්න. මුලින්ම අත්හදා බලන කෙනෙක්ට ලියන එක පුහුණු වෙන්න හොඳ ක්‍රමයක්. පුහුණු උනාම ලියන්නම අවශ්‍ය නෑ. උදා - මම ටිකක් වෙනස් විදිහක බලාපොරොත්තුවක් තෝරාගත්තා ආදරය ගැන හිතල. ඔයාට ආදරේ කරන්න කෙනෙක් ඉඳියත් මේ Affirmation එක ඔයාගෙ ආදර කතාව ලස්සන කරන්න උදව් වේවි. එහෙම නැතිනම් ආදරවන්තියක් / ආදරවන්තයෙකු ආකර්ශනය කර ගන්න උදව් කරවි. ඒ්ත් මතක තියාගන්න විශ්වාසය කියන දෙය ඉතාම වැදගත් අපේ ජීවිතයට, විශ්වය හා සම්භන්ධ වන්න විශ්වාසය කියන්නෙ ප්‍රබල ශක්තියක් සහ ඒ තුලින් අපේ ජීවිතය මෙන්ම ආත්මයද පෝෂණය වනබව. ඔයාටත් මටත් දෙන්නටම තේරෙන විදිහට මම ලිව්ව ලස්සනට පහලින් තියනව කියවල බලන්න. Try කරන්න කම්මැලියි වගේ නම් ඔලුවෙ තියාගන්න කවදාහරි වුවමනා වේවි.
2) ඇත්තටම ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ උනාම ඔයාට දැනෙන හැඟීම් , සතුට ගැන සිතින් දකින්න, ඒ හැගීම ඔයාට කොතරම් තාත්විකව දකින්න පුලුවන්ද ඒ් තරමට ප්‍රතිඵල වේගවත්ව ලැබෙනව. අනිවාර්යයෙන් ඔයාගෙ ඇත්ත emotions පාවිච්චි කරන්න.
3) ස්තුතිවන්ත වීමක් ආකාරයෙන් ඔබේ පණිවුඩය විශ්වයට මුදා හරින්න.
දිනකට 5 වතාව බැඟින් දවස් 11 කරන්න energy මානසික ශක්තිය අඩු කෙනෙක්ට උනත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන් සරල ක්‍රමයක් මේක. නොතේරන කෙනෙක්ට පහලින් Comment කරන්න පුලුවන් වගේම,
Blog එක Subscribe කරල දැනුම බෙදාගන්න ඔයාටත් එකතු වෙන්න පුලුවන්.
දුක් කම්කටොලු / බිඳවැටීම් / පාවාදීම් / අවමාන හා තර්ජන මධ්‍යයේ ජීවිතය දිනන්නට වෙරදරන කරුණාවන්ත මිනිසුන්ට සවියක් වන්න අප සූදානම්. Reach us,
‘Fb- https://www.facebook.com/S-O-U-L-Journey-102308771387384/
Comments
Post a Comment